ජලයේ රසායනික පරාමිතීන් - i කොටස
`````````````````´´´´´´´´´´´´´´´´
01 - pH අගය
ජලීය ද්‍රාවණයක ආම්ලිකතාවය හෝ භාෂ්මිකතාවය pH ලෙස හැදින්වේ.
pH = -log (H+)
10
ජලයේ pH අගය වෙනස් වීමට හේතු…
× අම්ල වැසි ඇති වීම.
× විවිධ කර්මාන්ත වලින් නිකුත් කරන අපද්‍රව්‍ය නිසා
× රසායනික පොහොර ජලයට එකතු වීම නිසා
× ගල් අඟුරු, යකඩ වැනි කර්මාන්ත මගින් ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු වීම.
ජලයේ pH අගය මැනීම…
•i• pH කඩදාසි
ලබා ගන්නා ලද ජල නියැදියට pH කඩදාසි කැබැල්ලක් දමා එහි සිදු වන වර්ණ වෙනස දී ඇති වර්ණ සටහනෙන් දක්වා ඇති වර්ණ සමඟ සැසඳීමෙන් pH අගය ගණනය කළ හැකිය.
•ii• pH මීටරය
ලබා ගන්නා ලද ජල නියැදිය pH මීටරයේ කෙලවර පිහිටි තුඩ (Probe) වැසීමට තරම් ගැඹුරක් පැවතිය යුතුය. පාඨාංකය pH මීටරයේ දර්ශනය වේ.
°°°°°° ජලයේ pH අගය මැනීමේදී, ජල නියැදිය ලබාගැනීමේදී හා අගය ලබාගැනීමේදී ලබාගත් ජල නියැදිය කැලතීමකට ලක් නොකළ යුතුය. එසේ කැළතීමක් සිදුවුවහොත් pH අගය දෝෂ සහිත විය හැකිය.
pH මැනීමේ වැදගත්කම…
× රසායනික සංඝටක වල (NP වැනි පෝෂක, ලෙඩ්, කැඩ්මියම් වැනි බැරලෝහ) ජලයේ ද්‍රාව්‍යතාවය සහ ජීවීන්ට යොදාගත හැකි ප්‍රමාණය තීරණය කිරීම.
× ජලයේ බහුලව පවතින්නේ කුමන ආකාරයේ පොස්පරස්ද, එම ආකාරය ජීවීන්ට ලබාගත හැකිද යන්න තීරණය කිරීමට.
× බැරලෝහ වල ද්‍රාව්‍යතාවය හා විෂ බව තීරණය කිරීමට. (අඩු pH අගයන්හිදී බැරලෝහ වල ද්‍රාව්‍යතාව වැඩි වේ.)
*ඉහළ pH අගයන්හිදී තිත්ත රසක් ලබා දේ.
*Cl වල විෂ නාශක හැකියාව අඩාල කරයි. එබැවින් Cl වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.
*පහළ pH අගයන්හිදී ලෝහ මළ බැදිම හෝ ලෝහ දිය වීම සිදුවේ.
*pH අගය 6.5 - 8.5 පරාසය ජලජ ජීවීන්ට හිතකර වේ.
02 - ද්‍රාවීය ඔක්සිජන්
යම් ජල ප්‍රභවයක දියවී ඇති හෝ අඩංගු ඔක්සිජන් ප්‍රමාණය ද්‍රාවීය ඔක්සිජන් වේ.
ජල ප්‍රභව වල පවතින කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමට ද්‍රාවීය ඔක්සිජන් යොදාගන්නා බැවින් කාබනික ද්‍රව්‍ය අඩංගු ජලයේ ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ.
ද්‍රාවීය ඔක්සිජන් ප්‍රභව…
× ජලජ ශාක / ඇල්ගී ප්‍රභාසංස්ලේෂණය මගින් නිපදවන ඔක්සිජන්.
× වායුගෝලීය ඔක්සිජන් දියවීම.
+ඒකකය mg/l (ppm)
× ජලයේ උෂ්ණත්වය වැඩි වන විට ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. මෙය ජලජ ජීවීන්ට මෙන්ම ජලයේ ගුණාත්මකභාවයටද බලපෑම් ඇති කරයි.
× සාමාන්‍යයෙන් ජලයේ DO අගය 5-6ppm පරාසයක පවතී.
ද්‍රාවීය ඔක්සිජන් මැනීමේ ක්‍රම
------------------------
•i• Probe සහිත DO මානය
ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය ක්ෂේත්‍රයේදීම මැනගත හැක.
•ii• විංක්ලර් ක්‍රමය (winkler method)
ක්ෂේත්‍රයේදීම සිදු කරනු ලබයි. මෙහිදී අනුමාපනය කිරිම මඟින් ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය මනිනු ලබයි.
ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය මැනීමේ වැදගත්කම…
× ජලයේ ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය 3ppmට අඩු නම් ජලජ ජීවීන් ආතතියට ලක් වේ. 2ppmට අඩු විට ඇතැම් ජීවීන් මරණයට පත්විය හැක. 2-3ppm අතර ඇති විට ආතතියට ලක්වූ සතුන් රෝග වලට භාජනය වේ.
+ජලාශ වල මත්ස්‍යය වර්ධනය සදහා 4-5ppm ප්‍රමාණයට ද්‍රාවීය ඔක්සිජන් පැවතිය යුතුය.
× ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය වැඩි විට බීමට ගන්නා ජලයේ රසය හොඳ මට්ටමක පවතී.
× ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය ඉහළ විට මළ බැඳීමේ සීඝ්‍රතාවය ඉහළ යයි. එබැවින් කර්මාන්තශාලා වල ජලය ගෙනයන නළ ද්‍රාවීය ඔක්සිජන් පහළ මට්ටමක පවත්වාගත යුතුය.
03 - රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD- Chemical Oxygen Demand)
ජල ප්‍රභවයක ඇති අපද්‍රව්‍ය රසායනිකව ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය රසායනික ඔක්සිජන් ඉල්ලුම ලෙස හැදින්වේ.
ජලය 1l ක ඇති කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය mg වලින් ලබා දේ.
COD වැඩි විට එම ජලය දූෂණය වී පවතී යැයි නිගමනය කළ හැකිය.
COD මැනීමේ ක්‍රම…
අනුමාපන ක්‍රමය.
පැය 2ක කාලයක් තුළදී ආම්ලික තත්වයකදී පොටෑසියම් ඩයික්‍රොමේට් මඟින් වියෝජනය කිරීමට අවශ්‍යය ඔක්සිජන් ප්‍රමාණය ලබාගැනීම්.
COD මැනීමේ වැදගත්ම……
× අපජලයේ පවතින කාබනික ද්‍රව්‍ය පිළිබඳව තක්සේරුවක් ලබාගැනීම සඳහා.
× COD මැනීමේ ක්‍රමය ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම මැනීමට සාපේක්ෂව සරළ ක්‍රමයක් වන අතර වැඩි වේලාවක් අවශ්‍ය නොවීම.
× බීමට ගන්නා ජලය පිළිබඳ තක්සේරු කිරීමට.
No comments:
Post a Comment